Posts

කඳුකර දේව දූතිකාව

Image
සීතලම සීතල නොවැම්බර් මාසෙ දවසක තමයි මං මුලින්ම එතනට ආවෙ.. පට්ට කළුවරේ ලේලන්ඩ් බස් එකක ජනේල අයිනක ඉදගෙන කං අගුල් වට්ටන හුළඟ, කාමසුඛල්ලිකාවක් වගේ විඳගෙන ආවා.. පිනි වැටෙන ළා කළුවරේ මං අදාල තැනට ආවා..  කඳුපන්ති ගානකට වටවෙච්චි වලක අපි හිටියෙ. තෙත පින්න තණකොල පාගගෙන, උණුහුමක් නොදැනෙන ලපටි ඉර එළිය විඳගෙන, හීනියට එන කඳුකරේ හුළං වලින් ඇස් වහගෙන පපුව පුරෝගත්තා. ඒක භාවනාවක්. සම්පුර්ණ මුළු ජීවිතකාලයටම දැනිච්ච ශුද්ධ වූ හැඟීමක්. විනාඩි ගානකට අත්පත් කරගත්ත නිර්වාණයක්.. ඒත් ඒක දැහැනක් අන්තිමට බිඳවැටිච්ච.. ඒ ලියතඹරාවක් නෙවේ.. ඒ සීත කඳු පන්තියට අරක්ගත්ත දේව දූතිකාවක්..  හින්දි ෆිල්ම් එකක ප්රධාන නිලියගෙ කොණ්ඩෙ හුළඟට ගහගෙන යනව වගේමයි මේකිගෙත්.. අඩුවට තිබ්බෙ සින්දුවකුයි ඩාන්ස් එකකුයි විතරයි. මල් වැස්සක් වෙනුවට හුළං වැස්සක් ලාවට වැහැල තිබුණා.. ඒක ආදරේ හිතෙන හුළඟක්... අලුත් දෙයක් දැක්ක පොඩි එකෙක් වගේ මං හිටියෙ එයා දිහාම බලාගෙන.. ඒත් ඒකි එකපාරටම ඇස් පුංචි කරල අමුතු විදියට මං දිහා බැලුවා.. ඒකට ඕන පොරක් සරෙන්ඩර්.. greek කතාවක හිටපු මෙඩූසා කියන්නෙ ඇත්තක් කියල මං එවෙලේ ඉඳන් විශ්වාස කරන්න...

කුරිරු ආදරේ

Image
උබ ඔය අඬන්නෙ   දුකට නෙවේ ඒ කඳුළු වලින් වැව් ගංඟා උතුරවලා ගංවතුරින් මාව යටකරන්ඩ ඊටපස්සෙ ගිල්ලවලා මරන්ඩ උඹ මහ යක්ෂණියක් . #uchith

බය නැති ජනපති..

Image
බය නැති ජනපති.. Attachments area මේ පින්තුරේ දැක්ක ගමන් අපිට හිතෙන්නෙ ජනපතිතුමා බයවෙලා ඉන්නව වගේ..  මේකෙදි ඕන කෙනෙක්ට  හිනා යන්න පුළුවන්.. ඒත් මේකෙන් පේන්නෙ ලංකාවේ දේශපාලන ක්‍රමය ඇතුලෙ තියන අවුල.. නමින් මෛත්‍රීපාල සිරිසේන වන මෙතුමා   ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් ලෙස කාලයක් හිටි කෙනෙක්. හිටපු සෞඛ්‍ය ඇමති වරයෙක්. දීර්ඝ කාලයක් දේශපාලනේ හිටපු කෙනෙක්. හදිසියේ එක රැයකින් දේශපාලනයට පමිණි එකෙන්ක් නෙවෙයි. අවුරුදු තිහකට ආසන්න කාලයක් දේශපාලනේ හිටපු කෙනෙක්.. රාජ්‍ය නායකයා ලෙස ප්‍රභූන් ඉදිරියේ තැතිගැනීමක් පේනවා නම් අපිට ලොකු මගහැරීමක් වෙලා තියෙන බවයි මම හිතන්නේ. රටක් විදියට අපෙත් ලොකු අඩුපාඩුවක් තිබෙන්න ඕනේ එහෙම නම්.  අපේ රටේ ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් පවා රාජ්‍යතාන්ත්‍රිකත්වය නිසි ලෙස වශයෙන් පුහුණු කර නොමැති රටක් ? අඩුම තරමේ ඉහල පෙලේ දේශපාලකයන්ටවත් රාජ්‍යතාන්ත්‍රිකත්වය පුහුණු නොකර රටක් විදියට අපි ඉදිරියට යාවිද ? බලවත් රටවල සුක්ෂමව පුහු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගේම් කරුවන් ඉදිරියේ අපි පරදින එක අහන්න දෙයක්ද ? අපේ දේශපාලනය හරිම සිල්ලරයි වගේ. අ...

මහනුවරදී මොකද උනේ ??

පාසල් කාලේ මට මතක සිද්දියක් තියනවා .   එක කොල්ලෙක් මාත් එක්ක හෙන වලි . නිතරම ජෝගි  දානවා ..hint ගහනවා .කරන්න හදන හැම වැඩේටම බාධා හිරිහැර කරනවා . එපාම වෙලා අන්තිමට මේක ශිෂ්‍ය නායකය...