මහනුවරදී මොකද උනේ ??

පාසල් කාලේ මට මතක සිද්දියක් තියනවා .   එක කොල්ලෙක් මාත් එක්ක හෙන වලි . නිතරම ජෝගි  දානවා ..hint ගහනවා .කරන්න හදන හැම වැඩේටම බාධා හිරිහැර කරනවා . එපාම වෙලා අන්තිමට මේක ශිෂ්‍ය නායකයන්ට කිව්වා .  උන් ටික අරූගේ පැත්තේ. ගණන් ගත්තෙම නෑ . ඒ පාර පන්තිභාර ටීචර් ට කිව්වා . ඒත් වැඩක් උනේ නෑ . ඒත් වැඩක් උනේ නෑ . " රණ්ඩු කරගන්න එපා ළමයිනේ." කිව්වා මිසක් එතනින් එහාට පියවරක් ගත්තේ නෑ. දැන් අර කොල්ලත් දන්නවා ඌට කේස් එකක් නෑ කියලා. ඌ තව තවත් ෆෝම් වෙලා, දිගටම ගේමට එනවා. අන්තිමට විනය භාර සර් ට කිව්වා . ඒත් වැඩක් උනේ නෑ. මිනිහා කිව්වා. " ඒ කොල්ලව එක්කගෙන office එකට එන්න." කියලා. යකාගේ කතාවක්නේ ඒක. ඌව මම කරේ තියන් අරන් එන්නැයි? අන්තිමට ප්‍රශ්නේ මගේ අතට ගන්නවා කියලත් හිතලා, කෝකටත් කියලා අවසාන තුරුම්පුව විදිහට ප්‍රින්සිපල් හම්බවෙනවා කියලා හිතුවා . ඒත් බලන බලන එක දවසක් වත් ප්‍රින්සිපල් office එකේ නෑ. ඉන්න දවසටත් සෑහෙන්න busy කියලා මට මුණගැහෙන්න අවස්තාව දුන්නේ නෑ. ඔහොම යද්දී එක දවසක් අර කොල්ලා කෙලින්ම ගේමට ආවා මූණටම. උදෑසන රැස්වීමක් අවසන් වෙලා පන්ති වලට යන වෙලාවේ. එවෙලේ උනත් මට ඌට ගහන්න හිතක් තිබුනේ නෑ. ඒත් කියන්න ඕනි හැම තැනකටම කියලා විසඳුමක් දුන්නෙම නැති උනාම නිතැතින්ම ප්‍රශ්නය මගේ අතට ගන්න සිද්ධ උනා. එවෙලේ මම ඌට ගහපු පලවෙනි පාරින්ම ඌ බිම වැටුනා . ඊට පස්සේ පරණ තරහ සේරම අල්ලලා බිම දාගෙන දූවිලි නාගෙන මූට ගැහුවා දතකින් බාගයක් කැඩිලා තොල් පැලෙන්න. ඔන්න එවෙලේම අර ප්‍රශ්නේ මගහැරපු ශිෂ්‍ය නායකයෝ ඇවිත් මාව අල්ලගත්තා . පන්තිභාර ගුරුතුමිය , විනය භාර සර්  මේ සේරම ආවා නඩුව විභාග කරන්න. ඒ විතරක් නෙවෙයි , මෙච්චර කල් මූණ වත් නොපෙන්නා හිටපු ප්‍රින්සිපල් සර් පවා එතනට ආවා. ඒක දැකලා මම පුදුමත් උනා .දැන් ද එන්න මතක් උනේ කියලා . අන්තිමට නඩුව විභාග කරලා මම අහිංසක ළමයෙක්ට පහරදීපු දාමරිකයෙක් විදිහට නම් කරලා සති දෙකකට පන්ති තහනම් කළා. හැබැයි එතනින් ප්‍රශ්නේ ඉවර උනේ නෑ. සියලු වැරදි මගේ පිටින් දාපු එක ගැන මම ගුරු මණ්ඩලය එක්කම තරහින් හිටියේ . වැඩියෙන්ම අර කොල්ලා එක්ක. ඉතින් ඉස්කෝලේ නිවාඩු දෙන දවසෙත් අර තරහ මතක් කරලා අරූට හොඳටම සැලකුවා. මම යාළුවො පිරිසකුත් එක්කගෙන.  මේ සියල්ලම වළක්වාගන්න තිබුනා ගුරුවරු මගේ පලවෙනි පැමිණිල්ලේදීම පියවරක් ගත්තා නම්. ඒත් ප්‍රශ්නේ වැවෙන්න ඉඩ දුන්නේ ඔවුන්. මේක පාසල් කාලේ නොතේරුම්කමට වුනු සිද්ධියක් විදිහට පේන්න පුළුවන්. ඒත් ඕක තමයි මනුස්ස ස්වභාවය. රටේ මේ ඇති වුනු සිදුවීම් දාමය දකිද්දී මට මතක් වුනේ පාසල් කාලේ මම ලබපු ඒ අත්දැකීම. ලංකාවෙ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්ඩත් හේතුව ඕක තමා....

Comments

Popular posts from this blog

බය නැති ජනපති..

කුරිරු ආදරේ