කඳුකර දේව දූතිකාව
සීතලම සීතල නොවැම්බර් මාසෙ දවසක තමයි මං මුලින්ම එතනට ආවෙ.. පට්ට කළුවරේ ලේලන්ඩ් බස් එකක ජනේල අයිනක ඉදගෙන කං අගුල් වට්ටන හුළඟ, කාමසුඛල්ලිකාවක් වගේ විඳගෙන ආවා.. පිනි වැටෙන ළා කළුවරේ මං අදාල තැනට ආවා.. කඳුපන්ති ගානකට වටවෙච්චි වලක අපි හිටියෙ. තෙත පින්න තණකොල පාගගෙන, උණුහුමක් නොදැනෙන ලපටි ඉර එළිය විඳගෙන, හීනියට එන කඳුකරේ හුළං වලින් ඇස් වහගෙන පපුව පුරෝගත්තා. ඒක භාවනාවක්. සම්පුර්ණ මුළු ජීවිතකාලයටම දැනිච්ච ශුද්ධ වූ හැඟීමක්. විනාඩි ගානකට අත්පත් කරගත්ත නිර්වාණයක්.. ඒත් ඒක දැහැනක් අන්තිමට බිඳවැටිච්ච.. ඒ ලියතඹරාවක් නෙවේ.. ඒ සීත කඳු පන්තියට අරක්ගත්ත දේව දූතිකාවක්.. හින්දි ෆිල්ම් එකක ප්රධාන නිලියගෙ කොණ්ඩෙ හුළඟට ගහගෙන යනව වගේමයි මේකිගෙත්.. අඩුවට තිබ්බෙ සින්දුවකුයි ඩාන්ස් එකකුයි විතරයි. මල් වැස්සක් වෙනුවට හුළං වැස්සක් ලාවට වැහැල තිබුණා.. ඒක ආදරේ හිතෙන හුළඟක්... අලුත් දෙයක් දැක්ක පොඩි එකෙක් වගේ මං හිටියෙ එයා දිහාම බලාගෙන.. ඒත් ඒකි එකපාරටම ඇස් පුංචි කරල අමුතු විදියට මං දිහා බැලුවා.. ඒකට ඕන පොරක් සරෙන්ඩර්.. greek කතාවක හිටපු මෙඩූසා කියන්නෙ ඇත්තක් කියල මං එවෙලේ ඉඳන් විශ්වාස කරන්න...